හෙරෝයින් මිලදීගත් හිමි නමට ඇප


හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයකු හා ඒවා මිලදී ගත් බවට සැකකරන හිමිනමක කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර භික්ෂුව රුපියල් 50,000ක
ශරීර ඇප මත මුදාහැරී

මහේස්ත්‍රාත්වරයා ජාවාරම්කරු අද (29දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පෙරේදා (27දා) නියෝග කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ වැල්ලුව ප්‍රදේශයේ විහාරස්ථානයක මෙම හිමි නම වාසය කරන බව පැවසේ.

සැකකරුවන් දෙදෙනා බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන් නවරත්න මහතා කරුණු දක්වමින් සැකකරු නුවර පාරේ ඇත්කද විහාරස්ථානය ඉදිරිපිට පදිංචිකරුවෙකු බවත් හිමි නම වැල්ලව විහාරස්ථානයක වාසය කරන බවට පරීක්ෂණවලදී හෙළී වී ඇති බව පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment