ජාතික පුෂ්පයෙන් 'නිල් මානෙල්' ඉවත් කරයි



ශ්‍රී ලංකාවේ මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින් වූ 'නිල් මානෙල්' මල එම භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කර ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවයි.

මේ අනුව 'නිල් මානෙල්' මල වෙනුවට 'මානෙල්' මල ජාතික පුෂ්පය ලෙස හඳුන්වා දීමටයි කටයුතු කොට ඇත්තේ.

'නිල් මානෙල්' මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද ඇති වී තිබුණා.

වර්තමානයේ භාවිත වූ 'නිල් මානෙල්' මල විදේශීය පුෂ්පයක් වන අතර ඒක දේශික පුෂ්පයක් වන සුදු හා ලා නිල් පැහැති පෙතිවලින් සමන්විත නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'මානෙල්' මල ජාතික පුෂ්පය ලෙස නම් කර තිබෙනවා. මෙම 'මානෙල්' මල වියළි කලාපීය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතිනවා.

ශ්‍රී ලංකාවට ආවේණික වූ 'මානෙල්' මලෙහි රේණු සංඛ්‍යාව අඩු බව පවසා ඇති අබේකෝන් මහත්මිය මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරීම සදහා පුළුල් වැඩසටහන් සකස් කරන බවද පවසා තිබෙනවා.
(under the courtesy of nethfm news we
b
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment