පළාත් ඇමති DV උපුල්ගෙන් පහර කෑ අයෙකු රෝහලේ

දකුණු පළාත් අමාත්‍ය DV  උපුල් තමාට පහර දුන් බව ලූණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පුද්ගලයෙකු චෝදනා කරනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

පෙරේදා මෙම පුද්ගලයා පහරකෑමට ලක්ව ඇත්තේ  දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවැති ජංගම සහන සේවා වැඩසටහනක් අතරතුරයි.  

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ හිටපු ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාරනායක ද ඊයේ දිනයේදී පහරදීමකට ලක්ව තිබෙනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ  සහෝදරයා වන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක  මෙම පහරදීම සිදුකළ බවයි නිශාන්ත ඩයස් සඳහන් කළේ.

මොහු ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මාතලේ - නාගොල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාර්ගය හරස් කොට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ හිටපු ලේකම්වරයා මේ වන විට මාතලේ මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment