මාලිංග විස්සයි 20 නායකත්වය අතහරී ?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ හදිසි සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා.

එහිදී එළැඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට දැනට නම් කර ඇති කණ්ඩායමේ යම් සංශෝධනයක් සිදු කළ යුතු දැයි සාකච්ඡා කරනු ඇති.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් දැනටමත් ලෝක කුසලානය වෙනුවෙන් නම් කර අවසන්.

එහෙත් අවශ්‍ය නම් එය වෙනස් කිරීමේ හැකියාව හෙට (08) දිනය දක්වා පවතින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. 

මේ අතර ආබාධයට ලක්ව සිටින වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපියක් යොමුකර ඇතැයි විවිධ වාර්තා පළ වනවා.

එ් සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එවැනි කිසිදු ලිපියක් මෙතෙක් කි‍්‍රකට් ආයතනයට ලැබී නොමැති බවයි. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment