පාතාල මර්දනයට STF එයි

පාතාල කල්ලි මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායත් යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එ් අනුව  ඕනෑම අවස්ථාවක පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පොලීසියට අවසර හිමිවනු ඇති.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඊට අදාළ උපදෙස් පොලීසිය වෙත ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. 

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ඝාතන 21ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි. 

වර්තමානයේ කි‍්‍රයාත්මක පාතාල කල්ලි මර්දනය රජයේ ප‍්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment