මඩ ගහන Facebook කල්ලියක් හෙළි කරන බවට මහින්දගෙන් අනතුරු ඇඟවීමක්



දේශපාලනඥයන්ට මඩ ගැසීමේ කටයුතු සඳහා ක්‍රියාත්මක ෆේස්බුක් කල්ලියක් පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. ඔහු ඒ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “කවුරු හරි අපි ළඟ ඉඳගෙන හිටියත් එයාව විනාශ කරනවා. ඒ සඳහා ෆේස්බුක් කල්ලියක් සිටිනවා. ඒකේ 40ක් 50ක් සිටිනවා. ඒ අයට පඩිනඩි ගෙවන කණ්ඩායමක් ඉන්නවා. ළඟදීම ඒ අය ගැන තොරතුරු හෙළිදරව් කරනවා. ඒ ෆේස්බුක් කල්ලිය දවස ගාණේ එක එක බොරු ගොත ගොතා යනවා. එක එක විදියෙ මඩ ගහනවා.“
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment