සාමාන්‍ය පෙළ විභාගයත් ජීවිතේ එක් වැදගත් කඩඉමක්. ඊයේ සාමාන්‍ය පෙළ විභාගය ජයගත්තු හපනුන්ගේ ලකුණු අන්තර්ජාලයට මුහාහැරුණා. මේ විභාගයෙන් ජයගත්තු හපනුන් ගැන අපි ඔබට සියලු විස්තර කිව්වා. දැන් අපි කියන්න යන්නේ ජයගත්තු හපනුන් අතරින් අපිට ආරංචි වුණු එක් සුවිශේෂී කරුණක් ගැන.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ දෙවැනි ස්ථානය දිනාගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සමල් පුන්සර.
සමල්ට නිවුන් සොහොයුරෙක් සිටිනවා. ඔහුද මෙවර සාමාන්‍යපෙළ විභාගයෙන් A - 9 ලබාගෙන ඉහළින්ම ජයගෙන තිබෙනවා.
සමන්ගේ පියා බැංකු කළමනාකාරවරයෙක් වන අතර මව කොළඹ ජාතික රෝහලේ ඖෂධවේදිනියක් විදිහට සේවයේ නිරත වෙනවා. ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ ජීවත්වෙනවා.
සාර්ථකත්වය කරා යන ගමනේ උත්සාහය හා කැපවීම තිබුණොත් ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ කියන එක මේ නිවුන් සොහොයුරන් දෙදෙනා හැමෝටම ආදර්ශයක් සපයනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment