අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මවක් දූෂණය කිරීමේ පුවතක් අපිට වාර්තා වුණා. මෙම මව සිය දියණියගේ නිවසටට පැමිණෙමින් සිටියදී කහතුඩුව ප්‍රදේශයේදී අතරමං වී තිබෙනවා.
එහිදී රාත්‍රී 10.00 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම මව වෙල්යායකට රැගෙන ගොස් එහිදී ඇයව දූෂණය කර ඇති බවයි තොරතුරු ලැබී තිබෙන්නේ.
අළුයම 5 ට පමණ එම අසලින් ගිය පුද්ගලයෙකුට මෙම සිදුවීම පවසා තිබෙනවා. ඒ අනුව පොලිසියට කළ දැනුම් දීමකින් පසුව සිදුකළ පරීක්ෂාවකදී ලේ තැවරුණු ඇඳුමක් වෙල්යායේ තිබී සොයාගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඇයට සිහිය නොමැතිව සිටින්නට ඇති බවත් පිරිසක් එකතු වී ඇයව දූෂණය කරන්නට ඇති බවත්ය.
පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයට පොලිස් නිල සුනඛයන්ද ගෙනවිත් තිබුණා.
අවුරුදු 65 ක් පමණ වන මෙම මව මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර දියණිය හා සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ සිදුකරනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment