ගාල්ලේ ආදරවන්තයින්ගේ බිග් මැච් සටන ගුටි කෙළියකින් අවසන් වුණු හැටි - වීඩියෝ



111 වන ආදරවන්තයින්ගේ සටන මෙවර ජය පරාජයෙන් තොරව අවසන් වුණා.  ගාල්ල, මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වුණේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 121 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රිච්මන්ඩ් ක්‍රීඩකයින් කඩුලු 7 කට ලකුණු 221ක් ලබා ගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.


තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට මහින්ද ක්‍රීඩකයින් සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබාගෙන සිටියා.  තරගයෙන් අනතුරුව දෙපිලේම ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයට පැමිණීම නිසා ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මේ නිසා ඔවුන්ව පාලනය කරන්නට පොලිසියට මැදිහත්වන්නටත් සිදුවුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්....


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment