"අපිට දැන් ගෙදර යන්න බෑ, ඔයාලගේ ගෙවල් වලට අපිව එක්ක යන්න"


පාට කිට් ඇඳගෙන ඉස්කෝලෙන් පැන්න කෙල්ලෝ 3ක්
රවුම් ගහන්න පෙම්වතුන් එක්ක ගිහින්
තාමත් ආ ගිය අතක් නෑලු

ඉස්කෝලේ කාලේ කොල්ලෝ නම් පන්තිය කට් කරලා සමහර වෙලාවට යාලුවොන්ගේ ගෙදර යනවා. ඇලක දොලක නාන්න යනවා. ඒ ගිහින් වෙන කරදර නිසා දුක්විඳින්නේ දෙමව්පියන්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් . හැබැයි මේ විදියට ඉස්කෝලේ කට් කරලා ගිහින් තියෙන්නේ කොල්ලෝ නෙවෙයි, කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් තුන්දෙනෙක්.


පාසලට එනවා කියලා ගෙදරින් ඇවිත් මඟදි පාට ඇඳුම් ඇඳගෙන මේ ගියපු මේ තුන්දෙනා ඉගෙන ගන්නේ 8 වසරේ. ඉස්කෝලේ ගියපු මේ තුන්දෙනා ගෙදර ආවේ නැති නිසා මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ගෙදර අය කටයුතු කරලා තියෙනවා.

පොලිසිය මේ ගැන හොයලා බලපුවාම දැගන්න ලැබිලා තියෙන්නේ ඔවුන්ට වයස අවුරුදු -18-19 වයස්වල පෙම්වතුන් ඉන්නවා කියලා. ඒ අතරින් දෙදෙනෙකු ගැන ලැබුණු තොරතුරු අනුව ඔවුන්ව පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා.

ඔවුන්ගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලදී එයාලා කියලා තියෙන්නේ පෙම්වතියන් තුන්දෙනා එක්ක කොළඹ කුරුඳුවත්ත පැත්තේ ඇවිද්දා කියලා.

ඊට පස්සේ පෙම්වතියන් කියලා තියෙන්නේ එයාලාව පෙම්වතුන්ගේ ගෙවල් වලට එක්ක යන්න කියලා. ඒත් මේ වැඩේ කරන්න බෑ කියලා දැනගත්ත කොල්ලෝ ටික ඒ සිසුවියන්ට කියලා තියෙනවා ගෙදර යන්න කියලා.

කොහොම වුනත් සිද්ධිය ගැන පොලිසිය අත්අඩංගුවට ගත්ත තරුණයින් දෙදෙනාට අමතරව තවත් කෙනෙක් පොලිසියෙන් කට්ටි පැනලා ඉන්නවලු. එයා මේ වෙනකොට ෆෝන් එකත් ඕෆ් කරලා හැංඟිලා ඉන්නවා කියලා තමයි ආරංචි.

ඊයේ (31) හවස් වෙනකම් මේ සිසුවියන් තුන්දෙනා ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබිලා නෑ. බලාවයස්කාර දැරියන් අපහරණයට ලක්කිරීමේ චෝදනාවට තමයි මේ තරුණයින් තුන්දෙනා අත්අඩංගුවට ගන්නවා කියලා පොලිසිය කියලා තියෙන්නේ....


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment