බන්දුල සහ උදයට 'ඇඳුම් නැතිව ජිනීවාවල දී' වෙච්ච වැඩේ



ඩලස් අලහප්පෙරුම,බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පසුගිය දා ජිනීවා ගොස් තිබෙනවා.

මෙරට පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ලිපියක් බාර දීම එහිදී සිදු වුණා.

වෙන් වෙන්ව ගුවන් යානා දෙකකින්  ජිනීවා ගිය  බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේම  ඇඳුම් බෑග් ගුවන් යානාවල දී  අස්ථානගත වී ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් දෙදෙනා පසුව තමන් අඳිනු ලබන ජාතික ඇඳුම් සොයා ගත නොහැකිවීම නිසා දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.

අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ලිපිය බාර දීමේ අවස්ථාවෙන් පසු පැවති විරෝධතාව සඳහා ද උදය ගම්මන්පිල මහතා සහභාගී වූවේ යුරෝපීය ඇඳුමකින් සැරසීමෙන් පසුවයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment