හිටපු ජනපති පැවිදි දිවියට



හිටපු ජනාධිපති තේන් සේන් සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් දවස් 4 කට පස්සේ පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා. බුරුමයේ ජනාධිපතිවරයාව සිටි මොහු තාවකාලික මෙලෙස පැවිදි දිවියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. එරට මාධ්‍ය සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා සිය තාවකාලික පැවිදි දිවිය, මණ්‌ඩලේ නුවර ධම්මදීපනි විහාරයේදී ගත කරනු ඇති බවයි.

තමා බුද්ධ ශාසනයට ඇතුලත් වන බව ඔහු පවසා තිබුණේ ඉකුත් ජනවාරි මාසයේදීයි. ''යූ තාන්ඩි ධම්ම" යන නම හිටපු ජනාධිපතිවරයාගේ පැවිදි නාමයයි.
ප්‍රසිද්ධ ධර්ම ගුරුවරයෙකු වන ආචාර්ය අශින් න්‍යානිස්සර හෙවත් සිටාගු සායදව් විසින් ඔහුව මෙසේ මහණ වීමට පොලඹවා ඇති බවද වාර්තා වනවා. තේන් සේන් ජනපති ධුරයට පත්වූයේ 2011 වසරේදීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment