අනියම් පෙමක පැටලුණු තරුණයෙකුට මහ කැලයක් මැදදි වෙච්ච දේ




තම නැඟණිය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ විවාහක පුද්ගලයකුට අතින් පයින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර ප්‍රදේශයෙන් පලාගිය අනුරාධපුර නගරයේ ඖෂධ අලෙවිසලක හිමිකරුවකු ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ සිදුකරනවා. 
අනුරාධපුර නගරයේ ඖෂධ අලෙවිසලක් පවත්වා ගෙන යන තරුණයාගේ අවිවාහක බාල නැඟණිය සමඟ මෙකි විවාහක තරුණයා ආදර සබඳතාවක් පවත්වා ඇති අතර එය නතර කරන ලෙස කීවත් සම්බන්ධය අත නොහැරීම හේතුවෙන් ප්‍රධාන සැකකරු මිතුරන් සමඟ මෝටර් රථයකින් ගොස් පසුගියදා (9දා) තරුණයාට අතින් පයින් පහරදී කැපුම් තුවාල සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
සැකකරුවන් අනුරාධපුර පරසන්ගස්වැව දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ත්‍රිරෝද රථය නවතා ගෙන රැක සිට තරුණයා අල්ලා ගෙන මෝටර් රථයට දමාගෙන පාළු ප්‍රදේශයකට ගෙනැවිත් අමානුෂික ලෙස පහරදී තිබූ අතර එම සිද්ධිය දුටු කිහිපදෙනකු තරුණයාට පහර නොදෙන ලෙස ඉල්ලීම් කරද්දී සැකකරුවන් ‘මූ හොරෙක් හොරෙක්’ යැයි කියමින් පහරදී ඇති බවත් පසුව සිහිසුන් වූ තරුණයා මියගොස් ඇතැයි සැක සිතා ඔහුව මහ මඟ කැලයකට දමා, ඔහුගේ ත්‍රිරෝද රථයත් එම ස්ථානයේම දමා පලා ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment