හිටපු ජනපතිගෙන් සහ ජවිපෙන් ප්‍රතිචාර නැහැ



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී සිය අදහස් දක්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් කළ ලිඛිත ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් විමසීමේ කමිටුව පවසනවා.

එහි සභාපති නීතීඥ ලාල් විජේනායක මේ බව සදහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගෙන් නව ව්‍යවස්ථාව පිළිබද අදහස් ලබා ගැනීමෙන් අනතුරුවයි.

කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් කමිටුවට අවශ්‍යයැයි හැගෙන පුද්ගලයන්ගෙන් මුලින්ම අදහස් ලබා ගන්නා බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුව ඇත්තේ සුළු වෙනසක් වන අතර ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුවිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එහිදි සදහන් කළා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment