නොරොච්චෝලේ හදිසි බිඳ වැටීමක්



නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ තෙවන අදියරේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ.

ඊයේ(11) රාත්‍රී සිට මෙය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තෙවන අදියරේ තාපය රඳවා ගනු ලබන නලයක සිදුවූ හදිසි කාන්දුවක් මෙයට හේතුව වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ කාර්මික දෝෂය හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදුව නොමැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

 මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු වන අදියරේ විදුලි උත්පාදක යන්ත්‍රය හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පසුගිය දිනවල ක්‍රියාවිරහිත කර තිබු අතර මෙම කාර්මික දෝෂය හේතුවෙන් එය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.

තෙවන අදියරේ විදුලිය බිද වැටීම සම්බන්ධයෙන් මේ වන විට  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අදාළ නඩත්තු කටයුතු සිදුකෙරෙමින් පවතින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment