නවත්තන්න කිව්වට ඇහුවේ නැති නිසා අයියාගෙන් නංගිගේ පෙම්වතාට පාඩමක්



තම නැඟණිය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ විවාහක පුද්ගලයෙකුට වැඩිමහල් සොහොයුරා විසින් අතින් පයින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදු කළ පුවතක් වාර්තාවනවා.

මෙම පහර දීම සිදුකර තිබෙන්නේ අනුරාධපුර නගරයේ ඖෂධ අලෙවිසැලක හිමිකරුවකු ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනකු විසින්.

අනුරාධපුර නගරයේ ඖෂධ අලෙවිසලක් පවත්වා ගෙන යන තරුණයාගේ අවිවාහක බාල නැඟණිය සමඟ මෙකි විවාහක තරුණයා ආදර සබඳතාවක් පවත්වා ඇති අතර එය නතර කරන ලෙස කීවත් සම්බන්ධය අත නොහැරීම හේතුවෙන් ප්‍රධාන සැකකරු මිතුරන් සමඟ මෝටර් රථයකින් ගොස් පසුගියදා තරුණයාට අතින් පයින් පහරදී කැපුම් තුවාල සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පැවසෙනවා.

එම සිද්ධිය දුටු කිහිපදෙනෙකු තරුණයාට පහර නොදෙන ලෙස ඉල්ලීම් කරද්දී සැකකරුවන් මූ හොරෙක් හොරෙක් යැයි කියමින් පහරදී ඇති බවත් පසුව සිහිසුන් වූ තරුණයා මියගොස් ඇතැයි සැක සිතා ඔහුව මහ මඟ කැලයකට දමාල ඔහුගේ ත්‍රිරෝද රථයත් එම ස්ථානයේම දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂ සිදුකරනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment