අසාධාරණයට විරුද්ධ වුණාට බිරිඳ ඉදිරියේ සැමියාට පහර දෙන හැටි (VIDEO)


0
තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ එක් පිරිමි පුද්ගලයෙකුට දෙනෝ දහක් ඉදිරි පිට මහ දවාලේ පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා.

රත්නපුර සිරිපාගම මාර්ගයේ ධාවනය කෙරෙන රත්නපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ වල ආදායම් මුදල් සොරකම් කරන කොන්දොස්තරවරු කිහිප දෙනෙක් හා රියදුරෙක් ඇතුළු කණ්ඩායමක් විසින් වංචාවට දූෂණයට එරෙහිව හඬ නැගූ රාජකාරිය අකුරටම ඉටු කළ රත්නපුර ප්‍රධාන බස් නැවැතුම් පලේ ස්ථාන පාලක කේ.ඒ.සී රෝහිත කුලතුංග නමැති අයෙකුට තම බිරිඳ ඉදිරිපිටදී මෙලෙස පහර දී ඇති බවයි එම සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් තිදෙනාගේ පහර දීම මේවන විට කාගේත් විවේචනයට ලක්ව තිබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment