ගණිකාවන්ට සල්ලි දුන්නොත් වෙන දේ


ලිංගික සේවනය සඳහා මුදල් ගෙවීම නීති විරෝධී බවට පත්කරමින් නව නීතියක් සම්මත කර තිබෙනවා. ඒ ප්‍ර‍ංශයේ පාර්ලිමේන්තුව විසින්.
ඒ අනුව යම් අයෙකු ලිංගික ශ්‍රමිකයෙකුට මුදල් ගෙවූ බව සනාථ වුව හොත් පළමු වතාවෙ දී ඩොලර් එක්දහස් හත්සියයක දඩ මුදලක් ගෙවිය යුතු වෙනවා.
මේ නීතිය නිසා එරට තිස් දහසක් වන ලිංගික ශ්‍රමිකයන් පිරිසකගේ ජීවිත වලට බලපෑම් එල්ලවන බවයි පැවසෙන්නේ.
යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිරිසේ ප්‍රධානියෙකු වන මෝඩ් ඔලිවර් (Maud Olivier) පැවසා ඇත්තේ යමෙකු ගේ ශරීරය මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් යැයි පවතින සංකල්පය වෙනස් විය යුතු බවයි.
ඊට ප්‍ර‍තිචාර දක්වන ලිංගික ශ්‍ර‍මිකයින් පිරිසක් ‘මගේ විමුක්තිය ගැන කරදර නොවන්න. මං ගැන මම බලාගන්නම්’ යන තේරුම ඇති විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තුවට පිටතින් විරෝධතාවක් පැවැත්වූ බව ද වාර්තා වනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment