මග හැරුණූ ඇමතුමකින් රූපලාවන්‍ය ශිල්පිණියට මග වැරදෙයි



කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේදී  37 හැවිරිදි කාන්තාවක් සමුහ දුෂණයකට ලක්ව තිබෙනවා.

පොලිසීය පැවසුවේ අදාළ කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණූ මිස් කෝල් එකකින්  ඇය  එක් පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බවයි.

ඔහු සමග කොළඹ පැමිණිමට අදාළ කාන්තාව බස් රථයකින් පැමිණ අතුර මග බැස තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා පැමිණ ඇය ත්‍රීරෝද රථයක නංවා ගෙන කඩ කාමරයක් තුළට  කැදවා ගෙන ගොස් ඇතැයි සදහන්.

විවාහ වන  බව පවසමින් අදාළ පුද්ගලයා කාන්තාව සමග අඹුසැමි සබදතා පවත්වා තිබෙනවා.

අනතුරුව රාත්‍රී ආහාරය රැගෙන එන බව පවසා ඔහු අදාල කාමරයෙන් පිටතට ගොස් ඇති අතර එම අවස්ථාවෙිදී තවත් සැකකරුවන්  
3 දෙනෙකු පැමිණ ඇය සමුහ දුෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසීය පැවසුවේ  සැකකරුවන්  වයස අවුරුදු  23 ත්  27 ත් අතර පසුවන්නන් බවයි.

කැකිරාව පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment