දැරියකගේ දේහය හොරෙන් ගොඩගත් සැකකරුවන්ට වැඩ වරදී



මැදවච්චිය, වහමල්ගොල්ලෑව පොදු සුසාන භූමියේ මිහිදන් කළ දැරියගේ දේහය ගොඩගත් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා පියරත්න අද පොලීසියට නියෝග කළා.

ලබන 4 වන දා ඒ පිළිබඳ පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ඇය ප්‍රකාශ කළේ.

පසුගිය 29 වන දා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් රිය අනතුරකින් මිය ගිය මෙම දැරියගේ සිරුර ගොඩගෙන පෙට්ටිය මත තබා තිබියදී පවුලේ ඥාතීන් විසින් සොයා ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment