සජින් වාස්ට කාන්තාවකගෙන් මරණ තර්ජන

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා බලපිටිය ආසනයේ ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක සජින් වාස් ගුණවර්ධන මහතාට ගාල්ලේ ශ්‍රිලනිප රැළියට නොයන ලෙස කාන්තාවක් විසින් ජංගම දුරකථනයෙන් මරණීය තර්ජනය කොට ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

පෙරේදා (30) පස්වරු 6.15ට පමණ මෙම කාන්තාව හිටපු මන්ත්‍රිවරයාට තර්ජනය කොට තිබේ. ඇය සජින් වාස් ගුණවර්ධන මහතාගේ ජංගම දුරකථනයට කථා කොට සජින් වාස් මන්ත්‍රිවරයාද කියා අසා තිබේ. පසුව ඇය ගාල්ලේ ශ්‍රිලනිප රැළියට යන්න එපා ගියොත් මරා දමන බවට හිටපු මන්ත්‍රිවරයාට තර්ජනය කොට ඇත.

පසුව මේ පිළිබද සජින් වාස් ගුණවර්ධන මහතා විසින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලිසිය විසින් හිටපු මන්ත්‍රිවරයාගෙන් කට උත්තරයක්ද ලබා ගෙන තිබේ. ජංගම දුරකථනයෙන් තර්ජනය කළ කාන්තාව අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ කාන්තාවක් බවට පොලිසිය විසින් හදුනාගෙන ඇත.

ඇය සිය නිවස වසා දමා නිවසින් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ මුලස්ථාන පොලිස් පරික්ෂක මහින්ද විලෝරාරච්චි  මහතාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.

ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment