කොටි සමග නිදීවැදුනු ෆොන්සේකා හමුදා නිළධාරින් දඩයමක?

ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී මේජර් ජනරාල් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා කලද එම තුවාල ස්භාවය අනුව එය යකඩයක් මගින් මුහුණ හරහා හිසට එල්ල කරන ලද විශාල පහරදිමක් ලෙස දැනට තහවුරු වි ඇති බවයි අප කොළඹ ජාතික රෝහලේ තොරතුරු වාර්තා කරණයේ යෙදේන විශේෂ වාර්තාකරු සදහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයකින් තොරව යහපාලනයට අයත් මාධ්‍ය යොදවා ගනිමින් මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ මේජර්වරයාගේ රියදුරා පමණක් වන අතර ඔහු මේ වනවිට හමුදා මුලස්ථානයේ රදවාගෙන සිටින බවද වාර්තා වේ.

මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ හිසට පැය 4ක පමණ කාලයක් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු ඇතුලු වෛද්‍ය කණ්ඩායමක් සැත්කමක් කර ඇති අතර සැත්කමින් පසු ඔහු දැඩිසත්කාර ඒකකයට මාරු කළ බවත් ඔහු අනාවරණය කළා.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නොහොත් වෙල් විදානනේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු හමුදා නීතිය කඩකරමින් සරත් ෆොන්සේකා විසින් සිය ආරක්ෂාවට තබාගෙන සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසින් වන අතර එම සිද්ධිය හේතුවෙන් දැඩි වෛරයකින් ෆොන්සේකා පසුවු බව නොරහසකි.

ඊයේ පාර්ලිමේන්තුව හමුවේද යුධ හමුදාව හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් කතා කල ෆොන්සේකා අවසානයේ සිය මැර කණ්ඩායම යොදවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට පහරදිමටද කටයුතු කලා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment