මන්ත්‍රී ගැටුම හොයන්න කමිටුවක් - පාර්ලිමේන්තුව හෙටට කල්තබයි

මන්ත්‍රී ගැටුම හොයන්න කමිටුවක් - පාර්ලිමේන්තුව හෙටට කල්තබයි

අද පස්වරුවේ ඇති වූ උණුසුම්කාරි සිදුවීමත් සමග කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට දින දක්වා කල්තබා තිබේ.

මේ අතර අද (03) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දී රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීම ගැන පරීක්ෂා කර වහාම වාර්තාවක් සැපයීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා විශේෂ කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරකසභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් ද එම කමිටුවට අයත් වෙති.

වැරදිකරුවන් වන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය නිසා පස්වරු 1.35ට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි පස්වරු 3ට රැස්විය.

එම ගැටුම පිළිකුළෙන් හෙළා දකින බව කථානායකවරයා ප්‍රකාශ කළේය. පාසල් සිසුන් හා අමුත්තන් රැසක් මහජන ගැලරිවල සිටියදී ඇතිවූ මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ අභිමානයට හා කීර්ති නාමයට බලවත් කැළලක් බවත් එක් මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි ද තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවත් කථානායකවරයා පැවසී ය.

පාර්ලිමේන්තුව බදාදා (4) පස්වරු 1 දක්වා කල් තැබිණි.

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් කෑ කෝ ගසමින් ඊට බාධා කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විණ.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විනාඩි 5ට කල්තැබූ අතර උණුසුම්කාරී තත්ත්වයත් සමග ඇති වූ කලහකාරී වාතාවරණය හමුවේ ප්‍රහාරයට ලක්වූ එජාප කැගලූ මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment