මැයි රැළිය පෙනී පෙනී බැසිල් අල්ලන්න මෙහෙයුමක්!

බැසිල් රාජපක්ෂ මහතා දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට යමින් පාර්ලිමේන්තුල පලාත් සභාල පලාත් පාලන නියෝජිතයන් සහ විවිධ අනුබද්ධ සංවිධාන ගොනුකරමින් කිරුළුපන මැයි රැළිය සංවිධානය කිරීම සඳහා බරපතල ලෙස මැදිහත් වීමත් සමග  මැයි පළවෙනිදාට පෙර බැසිල් රාජපකෂ අත්අඩංගුවට ගෙන හිරකර තැබිමට යහපාලන ආණ්ඩුව ගත් උත්සහය අසාර්ථක වි ඇති බව අනාවරණය වි තිබේ.

බැසිල්ගේ මෙම අනපේකෂ්ත මැදිහත්වීම නිසා තම රැළිය අසාර්ථකවීම සහ වෙනම රැළියක් පැවැත්වීමට නොහැකි තරම් මහින්ද පාර්ශවය දුර්වල බවට ජනමතයක් ගොඩනැඟීමට තිබුණු අවසථ්ව මගහැරීයාම ගැන දැඩි ලෙස කෝපයට පත් රජයේ පාර්ශවය මැයි පළවෙනිදාට පෙර බැසිල් රාජපකෂ් අත්අඩංගුවට ගෙන හිරකර තැබීමේ වගකීම පවරා ඇත්තේ මේ දිනවල වැට් බදු සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වී සිටින මුදල් අමාත්‍ය රවී කරුනාණායකටය.

එම ඇමතිවරයා මේ සඳහා තෝරාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ ගෘහ නර්ිමාණ උපදේශනය සඳහා ජනප‍්‍රියව සිටි රජයේ විවිධ ඉදිකිරීම් මගින් යහමින් මුදල් උපයාගෙන තිබූ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකිග එසේ උපයාගෙන ඇති මුදලින් ඔහු මිළට ගෙන තිබූ දේපොළ වලනි් කීපයක් බැසිල් රාජපක්ෂගේ බවට ඔපප් කිරීමට මීට ඉහතදී ද FCID ය විශාල උත්සාහයක් දරා තිබුණිග එම දේපොළ තමාගේ බව එකී පුද්ගලයා විසින් සනාථ කිරීම එම පරීක්ෂණ අඩපණ වී ඇති නමුත් නව ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ උපදේශන කොන්ත‍්‍රාත්තවු ලබාගැනීම සඳහා ඔහු කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ සිදධි්යක් මෙම පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. එම බරපතල වරද වෙනුවට නඩු නොපැවරීමට නම් තමන් සතු බව සනාථ වූ දේපොළ බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව උසාවියේදී බොරු පාපොච්චාරණයක් කරන ලෙස ඉහත කී ඇමති ප‍්‍රබලයා ඔහු තම නිවසට කැඳවා බලකර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයා මැයි පළවෙනිදාට පෙර පුගොඩ අධිකරණයට ද පසුව ඔහු මාතර දිසා අධිකරණයට ඉදිරිපත් කර බැසිල් රාජපකෂ් මහතා අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබාගැනීමට ගත් උත්සාහයන් දෙකම අසාර්ථක වී ඇත. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් කිරුළුපන රැළිය තම රැළියට වඩා අතිශ්‍යයින් සාර්ථකවීම ගැන වියරු වැටී සිටින මෛත‍්‍රී පාර්ශවය ඉදිරියේදී ද තමන්ට ලොකුම බාධාව වනේන් බැසිල් රාජපකෂ් බව තීරණය කර ඇත. එම නිසා කවර චෝදනාවක යටතේ හෝ ඔහු වහාම අත්අඩංගුවට ගෙන සිරගත කර තබන ලෙස අදාළ පාර්ශවයන්ට උපදෙස් දී ඇත.

ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ආගමනට හේතුවී ඇත්තේ තම අනාගත දේශපාලන අරමුණු වෙනෙු වන් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියට ගෙනයන නමුත් ඔහුට හෝ පවෙුල් කිසිවෙකුට මැතිවරණ වලට ඉදිරිපත්වීමට ඉඩනොදෙමින් කටයුතු කරන පාර්ශවයන් කීපයක් ද සිටින බව ඔහු විසින් හඳුනා ගැනීමයි. එම පිරිසෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ඔහු නැවත බලයට පත්කිරීමට ක‍්‍රියා කිරිීම ගැන අමනාපයට පත්ව සිටින එම පාර්ශවයන් ද මෙම කුමන්ත‍්‍රණය ගැන සතුට ට පත්වී ඇත.එම පිරිස් කවුරුද යන්න පිළිබඳත් ඇතැම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් ඉදිරියේදී එම තොරතුර ද හෙළි කිරීමට කටයුතු කරනු ඇත.

කොළඹ එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය පමණක් පැවැත්විය යුතු බවත් ඒ හේතුවෙන් මෛත්‍රීට කොළබින් පිට ස්ථානයක් තොරා ගන්නා ලෙසටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය කොළඹට පැමිණිම ගැන එජාපය බලවත් ලෙස කලබලයටද පත්ව තිබේ.ඒමනිසා විවිධ කුමන්ත්‍රණ හරහා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය විනාශ කිරිමට මෙහෙයුම් එජාපය සහ ශ්‍රිලනීප මෛත්‍රී පිළ ක්‍රියාත්මක කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment