හැටන්හි මාරක බස් රථ අනතුරක් (PHOTOS)

හැටන්හි මාරක බස් රථ අනතුරක් (PHOTOS)

මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ අයර්බි ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ඇති බව නෝර්වුඩ් පොලීසිය ප්‍රකාශ කරයි.

අද (03) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් බස් රථයේ ගමන් කර තිබේ.

අදාළ බස් රථය තුල සිරවී සිටි පාසල් ළමුන් ඇතුළු මගීන් ප්‍රදේශවාසීන් විසින් ඉවතට ගෙන ඇත.

මෙම අනතුරෙන් පාසල් ළමුන් 12දෙනෙකු හා බස් රථයේ ගමන් ගත් ගුරුවරුන් 02ක් ඇතුළු 14දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි.

මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය ගස් දෙකකට සිරවී ඇති අතර බස් රථය එම ගස් අතර සිරනොවූයේ නම් කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට පෙරලිමට ඉඩ තිබු බව පොලීසිය ප්‍රකාශ කරයි.

බස් රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබද පරික්‍ෂණ මෙහෙයවන නෝර්වුඩ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඡායාරූප පහතින්.

 

රංජිත් රාජපක්‍ෂ - හැටන් 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment