ජනමාධ්‍ය ලේකම්ට දුන් උපදෙස් ගැන ඇමති ගයන්ත කියයි (VIDEO) 

ජනමාධ්‍ය ලේකම්ට දුන් උපදෙස් ගැන ඇමති ගයන්ත කියයි (VIDEO) 

දේශපාලන කටයුතුවලට අදාළ සිද්ධි සම්බන්ධ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (02) දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වේ. 

යහපාලන ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිවලට යටත්ව විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස්‌ අනුව මින් ඉදිරියට රාජකාරි කටයුතු කරන ලෙස ද අගමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාට දන්වා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා කරුණු විමසූ බවත් එවැනි කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ අගමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවත් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මින් ඉදිරියට අමාත්‍යවරයා ලෙස තමා සමගත් සාකච්ඡා කර කටයුතු කල යුතු බව ජනමාධ්‍ය ලේකම්වරයාට අගමැතිවරයා දැන්වූ බව ඇමතිවරයා සඳහන් කළේය.

‘උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොදෙමු‘ යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ නාමය ප්‍රවර්ධනය කිරීමට හවුල් නොවන ලෙස දන්වා සියලු මාධ්‍ය වෙත එවා තිබූ නිවේදන සම්බන්ධව කරුණු විමසීමට අගමැතිවරයා විසින් ඊයේ (02) ජනමාධ්‍ය ලේකම්වරයා අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි.

අදාළ මාධ්‍ය නිවේදනය පිළිබඳව ජනමාධ්‍ය ඇමැතිවරයා පවා දැනුවත් කර නොතිබුණු අතර ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සමීපයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ මෙසේ කරුණු දක්‌වා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද දැනුවත් කරන බව ද මෙහිදී අගමැතිවරයා පවසා තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment