මාධ්‍ය ඒකකය අත්හිටුවීම ගැන පොලිස්පති කියයි (PHOTOS)

මාධ්‍ය ඒකකය අත්හිටුවීම ගැන පොලිස්පති කියයි (PHOTOS)

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (03) මාධ්‍යවේදීන් වෙත හේතු දැක්වීමක් සිදුකළේය. 

තමා සිදුකළේ පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව නවතා දැමීමක් පමණක් බවත් එය වෙනත් ලෙසකට ශක්තිමත් අයුරින් යළි ප්‍රතිසංවිධානය කර පිහිටුවන බවත් ඒ මහතා මෙහිදී කියාසිටියේ ය.

මාධ්‍යයට අවශ්‍යය කරුණු අවශ්‍යය ආකාරයට දීමට මිස පදනම් රහිත අදහස් යැවීම් සිදු නොවීමට මෙම පියවර ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මේ වන විටත් ඒ සම්බන්ධව අදාල නිළධාරීන් සමඟ විධිමත්ව සාකච්ඡා කොට කටයුතු සිදුකරගෙනයමින් පවතින නිසා කඩිනමින් එය යළි පිහිටුවන බව ද කියාසිටියේ ය.

පොලිස්පතිවරයා මෙම කරුණු හෙළි කළේ අද (03) මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ඡායාරූප පහතින්.

මහනුවර - හේරත් ඒකනායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment