බැසිල්ගේ විදෙස් නිවසක් ගැන ගෝඨාගෙන් විමසීමට යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 09 වැනිදා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අව භාවිතය සහ ආරක්ෂක නාවික භටයින් දෙදෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ අමෙරිකාවේ පිහිටි නිවසේ ආරක්ෂක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.


මෙම චෝදනාවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය අප්‍රේල් මස 18 වැනිදා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා එදින එම කොමිසම හමුවේ පෙනී නොසිටි අතර නීතීඥවරුන් මාර්ගයෙන් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලුම් කර තිබු බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අව භාවිත කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.
නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා ලබන 10 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment