රජයේ වෛද්‍යවරුන් අද උද්ඝෝෂණයක

රජයේ වෛද්‍යවරුන් අද උද්ඝෝෂණයක

දිවයින පුරා ඇති රෝහල් ගණනාවක වෛද්‍යවරුන් අද (03) දහවල් උද්ඝෝෂණයක නිරතවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ පසුගියදා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සංවිධාන කෙරුණු පාගමනකදී වෛද්‍ය සිසුන්ට පොලීසිය විසින් එල්ල කළ ජල හා කඳුලු ගෑස් ප‍්‍රහාරයන්ට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණ සිදු කරන බවයි.  

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ද අනුමැතිය නොමැතිව වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමට උත්සාහයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කොළඹ දී අද (03) පවත්වන මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු අනාවරණ කරන බව එහි ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment