ඇමති රංගේ බණ්ඩාරට අධිචෝදනා 

ඇමති රංගේ බණ්ඩාරට අධිචෝදනා 

රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට කොළඹ මහාධිකරණය අද (04) අධිචෝදනා බාර දී තිබේ.

තමන්ට මන්ත්‍රී වරප්‍රසාද යටතේ හිමිවන වාහන බලපත්‍රය වසර 05කට පසු වෙනත් පුද්ගලයෙකුට පවරා දෙන බව පවසා රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත දිනේෂ් රත්නායක නමැති පුද්ගලයා විසින් ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුව අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ ය. 

එම නඩුව සැප්තැම්බර් මස 06 වැනි දා යළි කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට ද පොලීසියට දැනුම් දී ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment