ගයේෂාට ශ්‍රීලනිපයෙන් තනතුරක් (PHOTOS) 

ගයේෂාට ශ්‍රීලනිපයෙන් තනතුරක් (PHOTOS) 

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ සභාපති ධූරයට හිමිවී තිබේ.

එම තනතුර හරහා විශාල වැඩකොටසක් සිදු කරන බවත් දෙහිවල කාන්තාවන්ගේ නායිකාව බවට පත් විය හැකි බවත් ඇය සඳහන් කළාය.

මේ අතර පෙරේදා(01) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රීලනිප මැයි දින රැලියටද දෙහිවල ආසනය නියෝජනය කරමින් ගයේෂා පෙරේරා මහත්මිය සහභාගී වී තිබේ.

දේශපාලනයට පැමිණි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අතර එක් චරිතයක් වූයේ ගයේෂා පෙරේරායි. පසුගිය මහ මැතිවරණයන්හිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින අය අතර ගයේෂාද ඉදිරියෙන් සිටියේය.

කෙසේ වෙතත් පෙරේදා (01) ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියට ගයේෂා පෙරේරා පැමිණ සිටියේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීමටය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment