'බැක්ටීරියාවකින්' ශිෂ්‍ය මර්ධනය කරන හැටි අන්තරය කියයි (VIDEO)

'බැක්ටීරියාවකින්' ශිෂ්‍ය මර්ධනය කරන හැටි අන්තරය කියයි (VIDEO)

ශිෂ්‍ය නේවාසිකාගාරයක ජල ටැංකියට බැක්ටීරියාවක් ඇතුළු වී ඇතැයි කියමින් පසුගිය 26 වැනිදා සිට කැළණිය විශ්ව විද්‍යාලය ශිෂ්‍යයන්ට තහනම් කලාපයක් බවට පත් කොට ඇතත් එහි සැබෑ අරමුණ වන්නේ ශිෂ්‍ය මර්ධනයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී එම සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය ගැටළුවක් බව පවසමින් නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස බලධාරීන් දන්වා සිටි බවත් විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කොට ඇති බව  ප්‍රථමයෙන් දන්වා නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

නමුත් විශ්ව විද්‍යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි බවට චෝදනා නගමින් ශිෂ්‍යයින් තිදෙනෙකුට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට පසුගිය 29 වැනිදා ලිපි මගින් දැනුම් දී ඇති බවත්, එදිනම සවස විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත් කළ බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පැහැදිළි කළේ ය.

ලබන 12 වැනි දා විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුව ද ශිෂ්‍යයින්ට එය නිල වශයෙන් දැනුම් දී නොමැති බවට ද ලහිරු වීරසේකර මහතා චෝදනා කළේ ය.

පසුගිය කාලයේ දැඩි ලෙස කතා බහට ලක් වූ නවකවදය හා සම්බන්ධ කිසිදු සිදුවීමක් මෙම තත්ත්වයට බලනොපෑ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරන අතර සැබැවින්ම සෞඛ්‍ය ගැටළුවක් පවතියි නම් විශ්ව විද්‍යාලය වසා දමා හෝ එයට පිළියම් යෙදීම කෙරෙහි තම සංවිධානය විරුද්ධ නොමැති නමුත් මේ වන තෙක් එවැනි විසඳුම් ක්‍රියාත්මක වන බවත් නොපෙනෙනා බව එම සංවිධානය පෙන්වා දෙයි.

ශිෂ්‍ය පරිභෝජනය සඳහා ඇති ජල සැපයුම්, වැසිකිළි පද්ධතිය සහ ආපන ශාලා ආදිය දැඩි ලෙස අපිරිසිදු සහ පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ පවතින බව පෙන්වා දෙන එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ එම ගැටළුවලට කිසිදු අවධානයක් බලධාරීන් යොමු නොකරන බව යි.

පසුගිය රජය මෙන්ම මෙම රජය ද ශිෂ්‍ය මර්ධනය සඳහා මුලපුරා ඇති බව පවසන වීරසේකර මහතා අවධාරණය කළේ පසුගිය ආණ්ඩුව සමග අරගල කර හොඳින් හුරු පුරුදු බවත් මෙම ආණ්ඩුව ද තම අයිතිවාසිකම් ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ද අරගල කිරීමට සූදානමින් සිටින බවත් ය.

වීඩියෝව පහතින්.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment