උදුල් ප්‍රේමරත්නට පහර දුන්නැයි ප්‍රභූ ආරක්ෂකයන් 06ක් අත්අඩංගුවට

උදුල් ප්‍රේමරත්නට පහර දුන්නැයි ප්‍රභූ ආරක්ෂකයන් 06ක් අත්අඩංගුවට

අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා 2014 පෙබරවාරි 25 වැනිදා යතුරුපැදියකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී තර්ජනය කර පහරදුන් බව කියන ප්‍රභූ ආරක්ෂකයන් ලෙස සේවය  කළ නාවික හමුදාවේ හය දෙනකු අද (19) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සිද්ධිය වූ දා ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි එම පිරිස තමාට ටී 56 ගිනි අවියක් පෙන්වා ප්‍රභූ වාහනයට ඉඩ දෙන ලෙස තර්ජනය කළ බවත් සිය මුහුණට පහරදුන් බවත් කියමින් උදුල් ප්‍රේමරත්නට පොලිසියට පැමිණිලි කර තිබිණි.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment