119 පොලිස් හදිසි ඇමතුම් දෙමළ භාෂාවෙනුත්

119 පොලිස් හදිසි ඇමතුම් දෙමළ භාෂාවෙනුත්

දෙමළ ජනතාවට ඔවුන්ගේ ගැට‍ළු සිය භාෂාවෙන් ඉදිරිපත් කළ හැකි පොලිස් හදිසි දුරකථන සේවා උතුරු පළාතට හඳුන්වා දෙයි.

පොලිසිය වෙත පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසිය යුතු බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

ඔහු ඒ බව කියා සිටියේ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති උත්සවයකදීය.

මේ අතර පොලිසිය සමග කටයුතු කිරීමේදී මෙතෙක් දෙමළ වැසියන්ට තිබූ භාෂා ගැටලුව බොහෝ දුරට විසඳි ඇතැයි එම අවස්ථාවට සහභාගී වී සිටි වන්නි පුරවැසි කමිටුවේ සභාපති එස්.ශිවඥාණම් කියා සිටියේය.

ඔහු පැවසුවේ පෙරට වඩා දෙමළ වැසියන්ට ඔවුන්ගේ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතු රැසකට පොලිසිය තුළ අවස්ථාව උදා වී ඇති බවයි.

පොලිස්පතිවරයා සඳහන් කළේ ජාතීන් අතර සුහදතාවය හා සංහිඳියාව වර්ධනය කර වීම පිණිස භාෂාව ඉතා වැදගත් වන බවයි.

රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පොලිසිය සකස් කිරීමත් මහජනතාවට ඉතා ඉහල මෙන්ම උපරිම සේවාවක් ලැබෙන තත්ත්වයකට පොලිසිය පත් කරන බවත් පොලිස්පතිවරයා පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment