ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව දැවැන්ත සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කරන්දෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැලපෙන රට පිළිබඳ සිතා කටයුතු කරන පක්ෂ කිහිපයක් සමග සන්ධාන ගත වී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බවත් අමත්‍යවරයා පැවසී ය.
0 comments :
Post a Comment