පුර නැගුම ව්‍යාපෘතිය 90%කින් අවසන්

පුර නැගුම ව්‍යාපෘතිය 90%කින් අවසන්
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන පුර නැගුම ව්‍යාපෘතියේ කටයුතු 90%කින් අවසන් වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
 
පසුගාමී පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීම සහ පළාත් පාලන ආයතන ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 
 
දකුණ, බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරු මැද, සබරගමුව සහ ඌව පළාත්වල පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ යටතේ පළාත් පාලන ආයතන 108ක් තුළ පිහිටි නගර 108ක් සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 8596කි. 
 
පුර නැගුම ව්‍යාපෘතිය යටතේ කාර්යාල ගොඩනැගිලි, බස් නැවතුම්පොළ, වෙළෙඳපොළ, පුස්තකාල, රථගාල්, අභ්‍යන්තර මාර්ග, සෞඛ්‍ය මධ්‍යස්ථාන, ප්‍රජා ශාලා, ළමා උද්‍යාන, ජල සම්පාද ව්‍යාපෘති, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, පාලම්, මාතෘ සායන, පරිගණ හා මානව සම්පත් මධ්‍යස්ථාන, පෙර පාසල් හා ආදාහනාගාර ආදී යටිතල පහසුකම් සංවර්ධනය 
කෙරේ. 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment