නෝර්වුඩ් පොලිස් වසමට අයත් එල්බොඩ දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 20 දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (22) උදෑසන 08.00ට පමණ පාසල අසල පිහිටි ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසලෙහි සිටි ළමුන් පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වූ බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසීය.
මෙම බඹර ප්‍රහාරයෙන් 08 සහ 09 ශ්‍රේණිවල ඉගෙනුම ලබන වයස අවුරුදු 13 සහ 14 කාණ්ඩවල පසුවන සිසුන් 10 දෙනෙක් හා සිසුවියන් 10 දෙනෙක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරයට ලක්වූ සිසුන් මේ වනවිට බගවන්තලාව රෝහලට ඇතුළත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන පවසයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 comments :
Post a Comment