'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්

'අපි පහු බහින්නම්, ඒත් වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි' - මහින්දගෙන් සැර කතාවක්

මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවී සිටින බවත් ඒ හැම එකාම අපේ කැබිනට් එකෙත් සිටිය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාට ඒකාබද්ධ විපක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරය පිරිනැමීම ඊයේ (02) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 

“තව ටික දවසකින් විමල් බෑග් එක එහෙම අරගෙන ලෑස්ති වෙන්න.“ යැයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අනතුරු ඇගවීමක් ද සිදුක‍ළේය.  

බිත්තියට තල්ලු  කරගෙන ගිහිල්ලා බිත්තිය ගාවට එනකම් අපි පහු බහින බවත් එහෙත් බිත්තියට හේත්තුවෙලා වදින ජාතියේ මිනිස්සු නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“දැන් මම අර හදපු ඒවා එයාලා හදපු විදියට පෙන්නගෙන දැන් විවෘත කරගෙන යනවා. දැන් අලුත්ම සෙල්ලම ඒකයි. අපි මොකුත් කරලම නෑ. සියඹලා ඇත්තෙම නෑ. හැබැයි ලස්සන වැඩේ මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවෙලා ඉන්න හැම එකාම අපේ කැබිනට් එකෙත් හිටියා. මම දැන් හිතනවා යකෝ මුන් එක්කනේ කැබිනට් එකේ හිටියේ කියලා. ඔයින් ගියා ඇති. අපිව හිරේ දායි. අපේ දරුවෝ හිරේ දායි. හිරේ ගිහින් එනවා ඉතින්. ඕක එච්චර දෙයක් නෙමෙයි. තව ටික දවසකින් ලෑස්ති වෙන්න විමල් බෑග් එක එහෙම අරගෙන. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා මිනිහෙකුට. බිත්තියට තල්ලු  කරගෙන ගිහිල්ලා බිත්තිය ගාවට එනකම් අපි පහු බහින්නම්. හැබැයි බිත්තියට හේත්තුවෙලා වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි.“

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. තොට කෙළවෙන්න ලං වෙනකොට බල්ලෙක් වගේ හපන්න හැදුවට ආණ්ඩුව බය නෑ.

    ReplyDelete