පොලීසියට බෝම්බ ගැසීමට ගිය අර්ජුන් වෙඩි කාගෙන පැන්න හැටි

පොලීසියට බෝම්බ ගැසීමට ගිය අර්ජුන් වෙඩි කාගෙන පැන්න හැටි

අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයෙකු සේ සැළකෙන "අර්ජුන්" නමැත්තා ඊයේ පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔහුගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති නමුත් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා යාමට ඔහු සමත් වී ඇත.

අතුරුගිරිය සීවලී මාවතේ "අර්ජුන්" නමැත්තා රැඳී සිටින බවට ලද තොරතුරක්‌ මත ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ නිවසේ සැඟවී සිටි අර්ජුන් අත්බෝම්බයක්‌ ගෙන පොලිසියට දමා ගැසීමට උත්සාහ කර ඇති අවස්ථාවේ දී පොලීසිය මෙළෙස වෙඩි තබා ඇති අතර වෙඩි වැදුණු අර්ජුන් බෝම්බය අතැර පළාගොස් ඇති බව වාර්තා වේ.

ඔහු ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් යාපනය ඇතුළු දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිට ඇප ලබා පැමිණ ඇති අතර අධිකරණය මගහරිමින් සිටින්නෙකි.

පැන ගිය අර්ජුන් සෙවීම සඳහා විශේෂ පොලිස්‌ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක යි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment