ජනපති යාපනය සරසවියට යයි

ජනපති යාපනය සරසවියට යයි

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍ර දෙකක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (02) විවෘත කෙරිණි.

ඊයේ පස්වරුවේ යාපනය දොරෙයිඅප්පා කි‍්‍රඩාංගණයේ පැවැත්වෙන ජාතික මහා කි‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය සදහා සහභාගිවීමට ගිය ජනාධිපතිවරයා මේ සඳහා එක් විය.

විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම ජල පිරිසිදු කිරීමේ යන්ත‍්‍ර ලබාදීම සිදුවූ අතර ඉදිරියේදී තවත් යන්ත‍්‍ර දෙකක් එහි ස්ථාපිත කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලයට ගිය ජනාධිපතිවරයා එහි සිසු දරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment