මගෙ ෆෝන් එකත් ටැප් කරලානෙ- මහින්ද රාජපක්ෂ


තමාගේ දුරකතනය ටැප් කර ඇති බවත් ඒ අනුව තමාගේ දුරකථනයට  කිසියම් පිරිසක් රහසේම සවන් දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ඔහු මේ බව පැවසූයේ ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටි අවස්ථාවට සහභාගී වීමට පැමිණීමෙන් පසු අධිකරණ අසළ දී මාධ්‍යවේදීන් හමුවේදීය.
තමා කියන්න තියෙන දේ කියන බවත් තමාට ඕනෑම අයෙකු සමග කතා කළ හැකි බවත් මහින්ද ඒ වෙලාවේ සඳහන් කළේය.ෙ
ඇතැම් අමාත්‍යවරුන්ගෙන් තමන් කතා කළේද යන්න විමසා ඇති බවත් එසේ අසන්නේ කෙසේ දැයි කල්පණා කරද්දී ඉතා පහසුවෙන් හඳුනැගතහැකි දේ නම් තම දුරකතන ටැප් කර ඇති බව යයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment