මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන්



මම කිවුව දේ
සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ
- සී වී විග්නේෂ්වරන්

පසුගියදා යාපනයේ එළුඟ තමිල් නමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ජාතිවාදී ස්වරූපයකින් අදහස් දැක්වීම නිසා විවේචනයට බඳුන්වූ උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් එම ප්‍රතිචාර වලින් පසුව යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවති ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය වර්ජනය කළේය.
කෙසේ නමුත් ජනපතිවරයාද සහභාගීවූ එහි සමාප්ති උත්සවයට ඔහු ඊයේ ආවේය. එම උත්සවයේදී තමා මින්
පෙර කියූ දේවල් ගැන නැවත පැහැදිලි කිරීමක් සිදු කළ ඔහු මෙසේ කීවේය.



‘මම මෑතකදී දෙමළ භාෂවෙන් කියූ දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන තියෙනවා. මම නොකියපු දේවල් ගැන විවේචනය කරලා තියෙනවා. හින්දු කෝවිලක්, බෞද්ධ විහාරයක්, ක්‍රිස්තියානි පල්ලියක් හෝ මුස්ලිම් පල්ලි ඉදිකිරීමට පෙර එම ස්ථාන ඉදිකිරීමට අපේක්‍ෂිත ප්‍රදේශයේ පළාත් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඉදිකිරීම් කළයුතුයි.

ඒ හැර හිතුවක්කාරකමකින් හමුදාවේ සහාය අරගෙන මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම්වල  සිද්ධස්ථාන නිර්මාණය කිරීම, බලහත්කාරයෙන් කරන එකක්. එහෙම කරන එකේ බලාපොරොත්තුව මොකක්ද කියලා අපේ මිනිස්සු අහනවා කියලා තමයි මම කිවුවේ. එහි වැරැද්දක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. එනිසා මගේ කතාව නියම විදියට කියවලා, තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා‘










Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment