ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් නියමවී සිටින රැඳවියන් 23 දෙනෙකුගේ දඬුවම් ලිහිල් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්තාපන නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩි. එම්. ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කරයි.
තමන් නීතිපතිවරයා සමග පැවත්වූ එම සාකච්ඡාවේ දී පුනරුත්ථාපන කාර්යාංශය හරහා අදාළ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව සමාජගත කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා කියාසිටියේය.
ඒ අනුව දඞුවම් ලිහිල් කෙරෙන රැඳවියන් 23 දෙනා මාස 06ක කාලයක් පුනරුත්ථාපනය කිරීමට නියමිතය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින රැඳවියන් 96 දෙනෙකු සඳහා මේ වන විට අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවයි.
0 comments :
Post a Comment