පෙම්වතියගේ 60 වන උපන්දිනයට ඩබල් ඩෙකර් බස් එකක් තෑගි දුන් සීයා


තම පෙම්වතියගේ හැටවන උපන්දිනයට ඩබල් ඩෙකර් බස් රථයක් තෑගි දුන් වයෝවෘද්ධ පෙම්වතෙකු ගැන එංගලන්තයෙන් වාර්තා වනවා. කෙන් නමැති විශ‍්‍රාමික ගුවන් ඉංජිනේරුවෙකු වන ඔහු 1947 වසරේ තමාගේ පළමු පේ‍්‍රමය ලෙස ෂර්ලි මුණගැසුනේ මේ ආකාරයේ ඩබල් ඩෙකර් බස් රථයක බවත් ඇය එහි කොන්දොස්තර වෘත්තියේ නියැළුණ බවත් පවසයි.

එකල එහි මගියෙකු ලෙස ගමන් කළ තමා ඇය දුටු පළමු දසුනින්ම

ආදරයක පැටළුණ බවත් පසුව දින කිහිපයක් තිස්සේ ඇය නිසාම ගමනාන්තයන් දක්වාම බස් රථයේ ගමන් කරමින් පෙම් කතාව ඇරඹූ බවත් පසුව ඇය නිතර මුණ ගැසෙන්නට අවශ්‍ය වී එම බස් රථයේ රියදුරු වෘත්තියටද පිවිස බවත් ඔහු කියයි.
ඒ ආකාරයට ඇරඹූ ඔවුනගේ පෙම් කතාව විවාහයකින් ඔප් නැංවුණත් එම සුන්දර අතීතය නිරන්තරයෙන්ම සිහි කරන බවත් එම බස්රථයට සිද්ධ වූ දේ වරින්වර සොයා බැලූ බවත් ඔහු කියයි. පසු කලෙක ඉංජිනේරුවෙකු බවට පත්වූ කෙන් ෂෙරිල් සමග ප‍්‍රීතිමත් විවාහ දිවියක් ගත කළා.
ෂෙරිල්ගේ 60 වන උපන්දිනයට අපූරු තෑග්ගක් දෙන්නට කල්පණා කළ කෙන් එම බස් රථය ගාල් කර තිබුණ පුද්ගලයා ලවා එය නවීකරණය කරවාගෙන විශාල මුදලක් ගෙවා එය නැවත ලබාගෙන තිබේ.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment