දඹදිව ගිය අම්මලා දෙන්නා ඉන්ෆ්ලුවන්සාව නිසා ලංකාවට ආ විගස මරුට




කිසිදු ලෙඩක් නැතිව දඹදිව ගිය අම්මලා දෙන්නා
ඉන්ෆ්ලුවන්සාව නිසා ලංකාවට ආ විගස මරුට

පෙට්ටිය අරින්නෙවත් නැතිව 

පසුදාම වළදාන්න කියලා

කිසිදු රෝගයක් නැතිව දඹදිව වන්දනාව සදහා සැදැහැ සිතින් සහභාගීවූ හලාවත ප්‍රදේශයේ උපාසකම්මලා කණ්ඩායමක දෙදෙනෙකු ඉන්දියාවේ සිට රෝගාතුරව පැමිණ ආ විගස රෝහල් ගතවී අනතුරුව මියගොස් තිබේ. ඔවුන්ගේ මරණ වලට හේතුව ස්වසන ආබාධ ඇති කරන ඉන්ෆ්ලුවන්සා වෛරස් තත්වයක් බවත්
එය හරියටම  AH1-N1 වෛරසය බව තවම තහවුරු කර නැති බවත් හලාවත රෝහල් වෛද්‍ය අධිකාරී දිනූෂා ප්‍රනාන්දු සදහන් කර ඇත.
මෙම සංචාරය සදහා 20 දෙනෙකු එක්වී ඇති අතර අගෝස්තු මස 27 වනදා දඹදිව වන්දනාවේ ගොස් යළි දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 10 වනදායී.

මියගිය කාන්තාවන් දෙදෙනා නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ වාසය කරන අයයි. ඔවුන්ගේ නිවැසියන් පවසන්නේ කිසිදු රෝගයක් නොතිබුණ ඔවුන් ඉන්දියාවේදී මෙම රෝගයට ගොදුරුවූ බවයි. එරටදී කැස්ස හා වමනය ඇතිව ලංකාවට ආ පසුද එම තත්වය වර්ධනය වූ බවත් රෝහලට ඇතුළත් කළ පසු මියගිය බවත් ඔවුන් පවසනවා.
මරණ පරීක්ෂක වරයා දන්වා ඇත්තේ එම මළ සිරුරු විවෘත නොකර සීල් කර දිනක් ඇතුළත භූමිදානය කරන ලෙසය. ඒ අනුව ඔවුන් අවසන් කටයුතු සිදු කර ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආකාර කිහිපයක් මිනිසාට ස්වසන රෝග තත්ත්වයන් ඇති කරන බවත් 2004 වසරේ ආසියාකරයේ පැතිරුණු කුරුළු උණද ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් බව වෛද්‍ය අධිකාරිවරිය පවසයි. ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්., එන්. වන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ මෙරට
රජයේ රෝහල්වල නොමැති බවත් ඒ සම්බන්ධ ප්‍රතිකාර ලබාදෙන්නට රෝහල් කාර්ය මණ්ඩල අසමත් බවත් සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක්ද නිකුත් කර තිබුනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment