ජනපති මෛත්‍රීට අමෙරිකාවෙන් විශේෂ ආරක්‌ෂාවක්‌

ජනපති මෛත්‍රීට අමෙරිකාවෙන් විශේෂ ආරක්‌ෂාවක්‌

එක්‌සත් ජාතීන්ගේ 71 වැනි මහ මණ්‌ඩල සැසියට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) පෙරවරු 9.00 ට පමණ අමෙරිකාවේ නිව්යෝර්ක්‌හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 

නිව්යෝර්ක් නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා Loews Regency හෝටලයේදී අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, වොෂින්ටන් හි ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූහ.

ජනාධිපතිවරයා වෙනුවෙන් අමෙරිකානු රජය විශේෂ ආරක්‌ෂාවත් යොදවා තිබූ අතර පොලිස්‌ ආරක්‌ෂාව යටතේ ඒ මහතා ඇතුළු නියෝජිතයන් පිරිස අමෙරිකානු වේලාවෙන් රාත්‍රි 10.00 ට පමණ නවාතැන් ගැනු ලබන නිව්යෝර්ක්‌ මැන් හැටන් ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණියේය.

ජනාධිපතිවරයා හෙට (21) මහ මණ්‌ඩල සැසිය ඇමතීමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ඔස්‌ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න් බුල්, එ. ජා. මහලේකම් බැන් කී මූන්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ඒ. ඡේ. අක්‌බාර්, නේපාල අගමැති පුෂ්පකමල් ඔහල්, ලෝක ආර්ථික සමුළුවේ සභාපති මහාචාර්ය ක්‌ලාවුස්‌ ෂොබ්, මිලේනියම් චැලේන්ඡ් කෝපරේෂන්හි සභාපති ඩානර් ඡේ. හයිඩ් යන මහත්ම මහත්මීන් ඇතුළු රටවල් රැසක නායකයන් හා නියෝජිතයන් සමග ද්විපාර්ශ්නවික සාකච්ඡා පැවැත්වීම නියමිතය.

නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී ආරම්භ කෙරන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 71 වන සැසි වාරය තුළ ‘‘අපේ ලෝකය වෙනස් කිරීමට විශ්වීය ජවයක්’’ යන තේමාව යටතේ රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතය.

එමෙන්ම ඇමෙරිකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයින් සහ සංක‍්‍රමණිකයින් පිළිබඳ සමුළුවක් ද මෙවර මහ මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වීමට නියමිතය.

මෙහි ප‍්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් දරනු ලබයි.

පසුගිය 17 වනදා රාත්‍රි නිව්යෝර්ක්‌හි චෙල්සි ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසුව නගරයට දැඩි ආරක්‌ෂාවක්‌ යොදවා ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment