පුජිතගේ මාලු පුජිතගේම ඇගේ කපයි,පුජිතට ගෙමක් දෙන්න රනිල්,සාගල මෙහෙයුමක්!

එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන ප්‍රා නායක පාඨ්ලීගේ ගෝලයා වන පොලිස්පති පූජිත් ජයසුන්දර ඌරාගේ මාලූ ඌරාගේ පිටේම කපා දැමිමේ තියරියට මේ සතියේ ලක්කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති අතර පුජිත ඉදිරියේම පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව විමසිමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

පසුගිය කෙටි කාලය තුල රනිල්ගේ සමිපතමයා වන නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අපහසුතාවට ලක්වන අන්දමේ කටයුතු උවමනාවෙන්ම කිරිම සහ නීතිය ක්‍රියාත්මක කිරිමේදි අගමැති සහ විෂය භාර ඇමතිවරයාගේ නියෝග පිලිනොගැනිම පිළිබඳව පොලිස්පති සහ අගමැති-ඇමති අතර ගැටුමක් හටගත්තා.

එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇති බව අප පසුගියදා අනාවරණය කළා.

පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment