“රනිල් පිස්සු කෙලිනවා එයාට බලන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අරූට අරන්දෙන්න”සිරිසේන,රනිල් ගැටුමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර දුරකතන හරහා බහින්බස් විමක් හටගෙන තිබේන බව එජාප රනිල් පිළේ ප්‍රබලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.ඊයේ ජනාධිපතිවරයා අගමැතිවරයාට ඇමතුමක් ලබාදෙමින් වෛද්‍යවරුන්ගේ දරුවන්ගේ පාසල් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම ඇතිවු ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර ඇති අතර එහිදි අධ්‍යාපණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ හැසිරිම පිළිබඳව ජනාධිපතිවරයා විවේචනය කිරිමට යෑම හේතුවෙන් මෙම බහින්බස් විම ඇති වි තිබේ.

අදාළ ඇමතුමෙන් පසුව තම දරුවන්ට උසස් පාසල් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිටින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයේ ගැටුම සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට නියෝග කොට ඇති අතර එම වාර්තා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයෙනුත්,අධ්‍යාපන අමාත්‍යංශයෙනු කැඳවන ලෙසට දන්වා ඇති අතර එම වාර්තා එක්සත් ජාතින්ගේ සැසිවාරයට සහභාගි වී එන විට සකස් කර තබන ලෙසට ජනාධිපතිවරයා දන්වා තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අගමැතිවරයාගේ දෝෂදර්ශණයට ජනපති ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයෙකු කී කේළමක් නිසා බවයි.ශ්‍රිලනිපයේ පරාජයෙන් සහ මහින්දගේ නව පක්ෂයේ මෙහෙයුම් හේතුවෙන්  කරවටක් ගිලී සිටින සිරිසේන පසුගියදා සිය බත් බැලයන් රජ ගෙදරට ගෙන්වා රාජපක්ෂලාට දෙහි කපමින් නරක විදියට බැණවැදි ඇති අතර පසුව මැතිවරණ සම්බන්ධයෙන් සිදුවු සාකච්ඡා අතරතුර තමන්ට පළාත්පාලන මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වුවත් පවතින තත්ත්වය යටතේ ගමේ ඡන්දය කිසිම දිනක ජයගත නොහැකි බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව  ජනමතවිචාරණයක් පැවැත්විම උචිත බවත් ඒවැනි මැතිවරණයකදි ජනාධිපතිරණයේ මෙන්ම සියලුම දෙනාට එක්විය හැකි බව පවසා තිබේ.

එම සාකච්ඡා අස්සේ ශ්‍රිලනිප බත් බැලයෙකු විධායක ජනාධිපති ධුරය පිළිබඳව කතාවක් පටන්ගෙන ඇති අතර ඔහු රනිල්ගේද සමිපයෙකු බව සිරිසේනද හොදින්ම හදුනන අයෙකි….

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දුරදිග ගොස් ඇති අතර එහිදි සිරිසේන උන්නැහේ තරහින් පවසා ඇත්තේ….

“රනිල් පිස්සු කෙලිනවා එයාට බලන්නේ  විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අරූට (මහින්දට)වාසිය අරන්දෙන්න. රනිල්ට පක්ෂය ඇතුලේවත් හරි ප‍්‍රසාදයක් නැහැ….පක්ෂය ඇතුලේ ඔක්ක්ම මට සජිත් කියනවා….. එ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන කාරනයේදී ශි‍්‍රලංකා නිදහස් පක්ෂ කට වහගෙන ඉන්න එක තමයි හොද…හිටං…..”

රැස්විම අවසන් වි විනාධි 15ක් යන්නට කලින් සිරිසේනගේ බත් බැලයන් අතර හේට අනිද්දා රනිල් සමග දීගෙක යන්නට ඉන්න බත් බැලයෙක් මේ කතාව රනිල්ටම කතා කර කියා තිබේ.

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment