තාජූඩින්ගේ අස්ථි කොටස් 'සයිටම්' ගෙනගිය බවට අනාවරණයක් 

තාජූඩින්ගේ අස්ථි කොටස් 'සයිටම්' ගෙනගිය බවට අනාවරණයක් 

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 05 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (21) නියෝග කළේය.

ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ තිබූ පරිගණක සීපීයූ (මධ්‍යම දත්ත හුවමාරු ඒකකය) යන්ත්‍රයේ මකා දැමූ බව කියන දුරකථන දත්ත නැවත ලබාගැනීමට එහි මෘදුකාංග සම්බන්ධව කටයුතු කළ නිලධරයාට රහස් පොලිසියට පැමිණ සහාය ලබාදෙන ලෙස නියෝග කෙරිණි.

රහස් පොලිසියේ මිනීමැරුම් පිළිබඳ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් එම අවසරය හිමිවිය.

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඇතැම් අස්ථි කොටස් විච්ඡේදනය කර පරීක්ෂා කර ඇති බවත් ඒවා හා තවත් අස්ථි කොටස් මල්ලක බහා වාහනයකින් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇති බවත් රහස් පොලිසියේ විමලසිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment