ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
කතානායකවරයා මේ බව දැනුම් දුන්නේ අද (22) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.
ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ව්‍යවස්ථාවට පටහැනි බව හා එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවකින් අනුමැතියට ලක් කළ යුතු බවට නීතීඥවරයකු ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු එම පෙත්සමේ තීන්දුව උසාවිය විසින් කතානායකවරයා වෙත දැනුම්දී තිබුණි.
මේ අතර පාර්ලිමේන්තුව තුළ එක් එක් මන්ත්‍රීවරුන් සිව්පාව්න්ගේ නම්වලින් ආමන්ත්‍රණය කරමින්, නුසුදුසු විදියට හැසිරෙමින්, ස්ථාවර නියෝගවලට පටහැණිව කටයුතු කිරීම වහා නතර කළ යුතු බවට කතානායකවරයා අවධාරණය කර තිබේ.
කතානායකවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය විවාදයේදී මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය පිළිබඳ අවධානය යොමුකරමිනි.
0 comments :
Post a Comment